ලාංකිකයාගේ ඝාතනයට ශෙෆීල්ඩ් 2ක් රිමාන්ඩ්


එංගලන්තයේ ශේෆිල්ඩ් නගරයේදී ශ්‍රී ලාංකික තාක්ෂණ ඉංජිනේරුවකු ඝාතනය කළැයි සැකපිට  ශාම්රාෂ් කාන් (25)   සහ 17 හැවිරිදි තරුණයකු (වයස අඩු නිසා නම හෙළි නොකරයි) ලබන 15 වැනි දා තෙක්   රිමාන්ඩ්  කරන ලෙස ෂෙෆීල්ඩ් මහේස්ත්‍රාත් අධිකරණය  නියෝග කර ඇත.

තවිස්ගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ කම්පාවට පත් ඔහු දැන හැඳින සිටි කිහිපදෙනෙක්ම පවසා ඇත්තේ  වර්තමාන බ්‍රිතාන්‍ය ජන සමාජය පිටතින් දිලිසෙන නමුත් ඇතුළතින් මදය දක්වාම කුණුවී ඇති ඇපල් ගෙඩියක් වැනි බවයි.

බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම කාර්මික නගරයක් වන ෂෙෆීල්ඩ්හි හලම් සරසවියේ උපාධිධරයකු වන තවිෂ ලකිඳු පීරිස්, පසුගිය ඉරිදා පිට්සා රැනවුමක් බාර දීමට යද්දී පිහියෙන් ඇන මරා දමා තිබිණි.

තවිෂ ඝාතනය ලක්වූ ෂෙෆීල්ඩ්  නගරය මත් කුඩු ජාවාරම් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා කාරකම් පිළිබඳ කුප්‍රකට ප්‍රදේශයක් බව කියති.

තවීෂගේ හිතවතුන්  පවසන්නේ ඔහු කරුණාවන්ත, අහිංසක, පහසුවෙන් උණුවෙන හදවතක් තිබු කිසිවෙකුටත් අබමල් රේණුවකවත් අහිතක් නොපෙන්වූ  තරුණයෙකු බවයි.