ජිලියන් ඇන්ඩර්සන් හොලිවුඩ් නිළිය හා ඇගේ සැමියාට රුපියල් කෝටියකට වැඩි මුදලක් වංචා කළැයි කියන අනුර වීරරත්න බණ්ඩාර නම් පුද්ගලයකු ගැන රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් වෙත අද වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළේය.
පස්යාලේ නුගගල වත්තේ හිල් හවුස් ප්‍රයිවෙට් ලිමිටට් සමාගමේ බාර කරු ලෙස ක්‍රියා කළ මෙම පුද්ගලයා රුපියල් එක්කෝටි 78 ලක්ෂයක් වංචා කළැයි නිළිය හා ඇගේ සැමියා වන ජොබ් ඩේවිස් පැමිණිලි කළහ.
එහෙත් රහස් පොලිසිය කියා සිටියේ වත්තට විදුලිය ගැනීම ඇතුළු කටයුතු වලදී වංචා කළ මුදල රුපියල් කෝටියට වඩා මදක් ඉක්මවන බවයි.