ශ්‍රී ලාංකිකයකු වු සමීර මධුංග මාණික්ක බත්තලගේ ගියවසරේදී නවසීලන්තයේදී මරා දැමීයැයි ක්‍රයිස්චර්ච් නුවර අධිකරණයක ජුරි සභාව විසින් ශ්‍රී ලාංකිකයකු ඇතුළු දෙදෙනෙක් වරදකරුවන් කරනු ලැබුහ.
තුවාන් ප්‍රවේශ් සවාල් (24) හා මුදියන්සේලාගේ විරාජ් වසන්ත අලහකෝන් (35) වරදකරුවෝ වුහ.
ඔවුන් සමිරගේ නිවස ගිනි තැබු බවටද වරදකරුවෝ වුහ. සති හතරක් පුරා පැවැති නඩු විභාගයේදී මේ දෙදෙනා එකනෙකාට චෝදනා කරගත්හ. පැමිණිල්ල කියා සිටියේ විත්තිකරුවන් දෙදෙනාද දැන සිටි ගැහැණියක සමග ඔහු සමීප සම්බන්ධතාවක් පැවැත්වු හෙයින් ඔහුගේ බෙල්ල කපා මරා දැමු බවයි.
සැප්තැම්බර් 6 වැනිදා දඩුවම් නියම කරන තුරු ඔවුහු රිමාන්ඩි කරනු ලැබුහ.
ගොවිපළ සේවකයකු වු සමීර 28 මරා දැමුණේ 2012 - 02 -23 වැනිදාය .පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සදහන් වුයේ ඔහු සිටි නිවස ගිනි ගන්නට පෙර ඔහු මරා දමා ඇති බවයි.