ලාංකිකයා මැරුවාට දිවි තෙක් ලන්ඩන් හිරේ


ලන්ඩනයේ ෂෙෆීල්ඩිහි ගිය වසරේ ඩොමිනෝ පිට්සා බෙදමින් සිටි  තවීෂ පීරිස් (25) ශ්‍රී ලාංකික ශිෂ්‍යයා  ඝාතනය කළ ශම්රාස් ඛාන් ෂෙෆීල්ඩ් උසාවියේදී වරදකරු විය. දෙසතියක් පුරා නඩුව විභාග විය.

පැය 14 කට පසු ජුරී සභාවේ බහුතර තීරණය වුයේ  ශම්රාස් ඛාන් වැරැදිකරු බවයි.ජුරීය දහයට දෙක වශයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.ඔහුට ද නඩුව ආරම්භයේදී වරද පිළිගත්  කාසිම් අහමඩ්ට ද ජීවීතාන්තය දක්වා සිර දඩුවම් දීමට නියමිතය.

ශම්රාස් ඛාන් නිවැරදිකරු බව ප්‍රකාශ කැර තිබිණි . කාසිම් අහමඩ් ඊට කලින් වරද පිළිගත්තේය.

තවීෂ සිය කාරයෙන් පිට්සා ඇනවුමක් රැගෙන යද්දී පිට පිටම පිහියෙන් ඇන ඔහු මරා දමා ඇත්තේ ඔහුගේ ජංගම දුරකතනය සොරා ගන්නැයි පැමිණිල්ලෙන් කියැවිණි.

තවිෂ  සන්නිවේදනය පිළිබඳව උපාධියක් දිනා බ්‍රිතාන්‍යයයේ සමාගමක රැකියාවට යාමට සියල්ල සුදානම් කර සිටියදී මෙසේ ඝාතනයට ලක්විය.