ලාංකිකයා පෝච්චියේ මර්ජුවානා වවයි


ඉතාලියේ වෙනෙතො පළාතේ පොන්සානෝ නගරයේ මහල්නිවාසයක ජීවත්වන ලාංකික නිවසකින් විශාල කෑගැසීමක් ඇසුණු අසල්වාසින් පොලිසියට දුරකථන ඇමතුමක් දුන්විට ,පොලිසිය පැමිණ දැකගැනීමට හැකිවූයේ හොදටම මත්පැන්බී වෙරිවී තම ස්වාමිපුරුෂයා සමග දබර කරණ ලාංකීක යුවලකි.

පසුව පැමිනි පොලීසිය ගෙට ගොස් පරික්ෂාකිරිමේදී ඔවුන්ට දැකගැනීමට හැකිවූයේ පෝච්චිවල වගාකරතිබූ  මීටර් කීපයක් උසට වැවුණු  මරිජුවානා වගාවකි.පොලිසිය පවසන්නේ 51හැවිරිදි කම්කරුවකු  වන ලාංකිකයා තම වැටුප හොඳ රවුම් ගානක් කරගැනිමට මෙය කරන්න ඇති බව කියාය.