ලාංකිකයා කටාර්හිදී ලංකාවේ නම තියයි


කටාර් රාජ්‍යයෙහි  දෝහා නුවර සාප්පු සංකිර්ණයක රිය ගාලක  තිබී අහුලාගත් කටාර් රියාල් අනුදාහක් රුපියල් තිස්තුන්ලක්ෂයක් අහුලා බාර දුන්  ශ්‍රී ලාංකිකයකුට ශ්‍රී ලාංකිකයින්ගේ අවංක කම ගැන දෝහා පොලීසිය ප්‍රණාමය පුද කරයි.

මොහොමඩ් නිබ්‍රාස් නැමති මෙම ශ්‍රී ලාංකිකයාගේ ගුණ අගයමින් එරට අභ්‍යන්තර අමාත්‍යංශ ට්විටර්  හා ෆේස් බුක් සමාජ වෙඩ් අඩවි වල පැසසුමට ලක් කැර ඇත.

ශ්‍රී ලංකාවේ ගෙයක් ගැනීමට තරම් වු ඒ මුදල හිමිකරුට භාර දීම ගැන එරට ශ්‍රී ලාංකිකයෝ සතුට පළ කළහ.