තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඞ් කර්සායි මහතා අද දිවයිනෙන් පිටත්ව ගියේය.
ඔහු සමුගන්නා අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට පැමිණියහ.
ඇෆ්ගනිස්තාන ජනාධිපති හමීඞ් කර්සායි හා ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ(6)පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලින් පසුව දෙරට අතර සහයෝගීතා ගිවිසුම් 4 ක් අත්සන් තැබිණි.
ඇෆ්ගනිස්ථාන හෙදියන් ශ‍්‍රී ලංකාවේදී පුහුණු කිරීමේ සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුම, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සහයෝගීතාව සඳහා අවබෝධතා ගිවිසුම, මෙරට පුහුණු සහ වෘත්තීය ශ‍්‍රම බලකායට ඇෆ්ගනිස්තානයේ රැකියා සම්පාදනය සඳහා ගිවිසුම සහ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ අවබෝධතා ගිවිසුම මේ අතර වන බව වාර්ථා වෙයි.

