ලාංකිකයන් ගහෙන් බේරා ගන්න හකීම් සෞදියේ


සත් වසරකට පෙර සෞදි අරාබියේ ජෙඩා නුවරදී හැට හැවිරිදි  යේමන ජාතිකයකු මරා දැමු  වරදට වැරැදිකරුවන් වු  ශ්‍රී ලාංකිකයන් හය දෙනා අතුරින් තිදෙනකුට පනවා ඇති මරණ දඬුවම පිළිබඳව යම් සහනයක් ලබා ගැනීමේ අරමුණින් ඇමැති රවුෆ් හකීම් මහතා සෞදි රජය සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ජෙඩා නුවර ශ්‍රිලංකා කොන්සල් ජනරාල් ආදම් බාවා උතුමාලෙබ්බේ කියයි.

මිය ගිය අයගේ ඥාතීන්ට වන්දියක් ගෙවා හෝ දඬුවම් ළිහිල් කැර ගැනීමට උත්සාහ කරන බවද ඔහු පවසයි.

මේ ඝාතනය සම්බන්ධයෙන් ඉන්දියා ජාතිකයෝ පස් දෙනෙක් ද ශ්‍රී ලාංකික තිදෙනෙක් ද  සිර දඩුවම් විදිති.

කේ.ඒ.පී.ගයාන් උදිත නානායක්කාර,තුෂාර දිනේෂ් පෙරේරා හෙවත් ඉසාක් ක්‍රිස්ටි,වදමානික්කම් සහ ඩබ්ලිව්. එම්. නිලන්ත බණ්ඩාර තෙන්නකෝන් යන අයට මරණිය දණ්ඩනය නියමකර ඇති අතර පි .ආර්.එම්.රන්ජිත් වසන්ත කුමාර,නුරා මොහොමඩ් සහ රජියා අබ්දුල් සමාඩ් යන යට පිළිවෙළින් වසර දහයක්,හතරක්,සහ දෙකක් වශයෙන් සිර දඩුවම් ද කස පහර ලබාදීමට ද ජෙඩා අධිකරණය නියෝග කර ඇත. ඉන්දියානු ජාතිකයන් පස් දෙනාට ද  සිර දඩුවම් ද කස පහරද ලබාදීමට නියෝග කර ඇති බව ඇරැබ් නිවුස් පුවත් පත සදහන් කරයි,