සෞදි අරාබියේ රියදුරකු වශයෙන් සේවය කරමින් සිටියදී රිය අනතුරකින් ආබාධිත තත්ත්වයට පත් වු ශ්‍රී ලාංකික ශ්‍රමිකයකුට එරට සේවාදායකයාගෙන් රියාල් 20,000ක (රුපියල් හත් ලක්ෂයක) වන්දියක් ලබා දීමට එරෙහිව ජෙඩා හි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයටහැකි වී තිබේ.
මෙලෙස වන්දි මුදලක් හිමි වී ඇත්තේ රුවන් චාමර හේරත්(29) මහතාටය.
තම හාම්පුතු සම හාම්පුතුගේ මෝටර් රථය පදවාගෙන යමින් සිටියදී රථයේ ආලෝකය විසන්ධි වීම නිසා රිය අනතුරකට ලක් වීම නිසා රිය අනතුරකට ලක්ව ඇති අතර ඉන් එහි රියදුරු වශයෙන් සේවය කළ ලාංකිකයාගේ පාදයට බරපතල හානි සිදු විය.
ආලෝකය විසන්ධිව තිබියදී ඔහු ඔහු වාහනය පදවා ඇත්තේ සිය හාම් පුතාගේ බල කිරීම මතය. පසුව එම හාම්පුතු ද තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත් වු ලාංකිකයාට වන්දියක් පිරිනැමීම ප්‍රතික්ෂේප කැර තිබේ.
පසුව ඔහු රියාල් 5000 ක වන්දියක් ලබා දීමට උත්සාහා කළද ලාංකික ශ්‍රමිකයා එය ප්‍රමාණවත් නොවන බව හාම්පුතුට දන්වා තිබේ.
මේ පිළිබව ජෙඩා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට දැනගන්නට ලැබීමත් සම එහි මැදිහත් වීමෙන් සෞදි හාමු පුතුන්ගේ රියාල් 20,000 ක වන්දි මුදලක් ලබා දීමට හැකි වී තිබේ.