නාපොලි නුවරදී පසුගියදා රිය අනතුරකින් මියගිය දුම්මලසූරිය පදිංචි තරුණයාගේ (24) දේහය මේ වන විටත් නාපොලි නගරයේ මල්ශාලාවක ඇතැයි නාපොලි විහාරාධිපති පනන්ගල වජිරඥාණ හිමියන් කියති.
අදාල තරුණයා මියගොස් මේ වන විටත් සති කිහිපයක් ගතවේ. මියගිය තරුණයාගේ පියා ශ්‍රි ලංකාවේ සිට එසැණට කියා සිටියේ තම ඥාතිවරියක් හා තවත් කිහිපදෙනෙකු කතා කොට අද දින දේහය ලංකාවට එවන බවය.
මියගිය තම දරුවා වෙනුවෙන් ලැබෙන වන්දි මුදල ලබා දීමට ඉදිරියේදී කටයුතු කරනා බව පැවසීයැයිද ඔහු කීවේය.
තම දරුවා වෙනුවෙන් ලැබෙන දෙයක් තිබේ නම් එය ලබාගෙන මියගිය තම දරුවා වෙනුවෙන් පිනක් දහමක් කිරිමට බලාපොරොත්තු වන බවත් අවශ්‍ය නීතිමය කටයුතු කිරිමට තාවකාලිකව ඉතාලියට යෑම සදහා පහසුකම් සලසා දෙන්නැයි තමා විදෙශ අමාත්‍යංශය ඉදිරියේදී ඉල්ලා සිටින බවත් ලලිත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මියගිය තරුණයාගේ දේහය ලබාගැනිමට දෙපිරිසක් අතර මත ගැටුමක් ඇතැයි එසෑණ මෙයට පෙර අනාවරනය කළේය. ඉදිරියේදී මියගිය තරුණයා වෙනුවෙන් විශාල රක්ෂණ වන්දියක් ලෑබිමට ද නියමිතය.