ත්‍රිරෝද රථයකින් මත් කුඩු ප්‍රවාහනය කළැයි කියන දෙදෙනකු රාජගිරිය ඕබේසේකරපුරදී අත්අඩංගුවට ගත් බව කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
වීදී වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන මත්කුඩු ග්‍රෑම් 10 ක් මොවුන් සතුව තිබියදී සොයාගෙන ඇති අතර දැනට රිමාන්ඩ් භාරයේ සිටින අයකු මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වන බව තොරතුරු අනාවරණය කැර ගෙන ඇතැයිද මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.