ප්‍රියංකාචොප්රාමේ වනවිට ආන්දෝලනාත්මක වූත්, ජනප්‍රිය වූත් විශිෂ්ට බොලිවුඩ් නිළියක බවට පත්ව සිටින්නීය.මේ ඇය සමගින් ෆිල්ම් ෆෙයාර් සඟරාව කළ කෙටි කතා බහක සටහනකි
ඔබේ හොඳම විලාසිතාව මොකක්ද ?
නිර්භීතත්වය
ඔබව මනින මිනුම් දණ්ඩ 1-10 දක්වා දිව යනවා නම් ඔබේ අංකය කීය වේවිද ?
අංක 08
සම ගැන කොහොමද සැලකිලිමත් වෙන්නේ ?
සරලවම කරන්න පුළුවන් දේ තමයි කරන්නේ.පිරිසුදුකම,සනීපය,මුහුණ තෙත් කරනවා වගේ දේවල් තමයි.
කොණ්ඩය පවත්වාගෙන යන්නේ කොහොමද ?
පිරිසුදුව තියාගන්නවා.කොණ්ඩෙට ආදරේ කරනවා.ඔළුවට පොල්තෙල්වලින් සම්බාහනයක් ලබාදෙනවා.බිත්තර සහ යෝගට් සත්කාරයක් ලබාදෙනවා.
ඔබේ ලස්සන වීමේ රහස මොකක්ද?
මට හිතෙන දේ මම ලස්සන වීම වෙනුවෙන් කරනවා.
විලාසිතාවලට කැමති අයට ඔබදෙන උපදෙස මොකක්ද ?
ඔබට නොගැළපෙන,පලඳින්න නොසිතෙන දේවල් විලාසිතාවලට යොදාගන්න එපා.
තරුණියකට හොඳටම ගැළපෙන ඇඳුම මොකක්ද ?
සාරිය
ඔබ කැමැතිම, ආදරය කරන, ඔබ රඟපෑ චිත්‍රපට චරිත කීපයක් කිව්වොත් ?
ඩොන් චිත්‍රපටයේ රෝමා
දිල් දඩක්නේ දෝ චිත්‍රපටයේ අයේෂ්
ගුන්ඩේ චිත්‍රපටයේ නන්දිතා
මාලන් ගෝවින්ද