සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි නුවරඑළියේ එච්.ඒ. ජේසුදාසන් හිරගෙදරදී මියගිය බව ත්‍රස්තවිමර්ශන අංශය ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් රංගජීව විමලසේන මහතාට දැනුම් දුන්නේය. මේ අතර නඩුවේ තවත් සැකකරුවකු වු හිටපු හමුදා සෙබළ කන්දෙගෙදර පියවංශ නීතිපති නියමයෙන් නඩුවෙන් මුදා හරින බව මහේස්ත්‍රාත් පැවැසීය. 2009.ජනවාරි .8 වැනි දා වික්‍රමතුංග දෙහිවලදී මරාදැමී යැයි සැකපිට මේ දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔවුන් ළඟ සැකකටයුතු ජංගම දුරකතන තිබීම නිසාය. ඝාතනය ගැන දිගටම පරීක්ෂණ පවත්වන බව ත්‍රස්ත විමර්ශන අංශය අධිකරණයට දැන්වීය. එකම හඳුනුම්පතට ලබාගත් දුරකතන පහක් තිබීමත්, දෙහිවල ප්‍රදේශයේ දුරකතන කුළුණුවලින් එක් දුරකතනයකින් පණිවිඩ හුමාරුවීමත්, ගැන සැකසිතා හිටපු හමුදා සෙබළ පියවංශ අත්අඩංගුවට ගත්තේය.