මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සැකපිට සොයමින් සිටින පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පතන බව පොලිසිය කියයි. ඝාතනය සම්බන්ධ සාක්ෂි විභාගයේ දී අනාවරණය වූ පරිදි මෙම සැකකරුගේ සිතුවමක් පොලිස් චිත්‍රශිල්පීන් විසින් සිතුවමට නගා තිබිණි. එලෙස සිතුවමට නැගීමෙන් පසු මීට පෙර මාධ්‍යවෙත නිකුත් කරනු ලැබූ සිතුවමක් යළි නිකුත් කිරීමට පොලිසිය කටයුතු කරනු ලැබ සිටියි. පොලිසිය පවසන්නේ මේ සැකකරු වයස අවුරුදු 35ක් පමණ හා උසින් අඩි පහයි අඟල් අටක් පමණ විය හැකි බවයි.
අදාළ පුද්ගලයා ගැන යම් තොරතුරක් ඇත්නම් 0112 422 176, 0112 380 380, 0718 305 528, 0718 349 505, 0773 291 500, 0718 070 207 දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙම සිතුවම සමග මින් පෙර තවත් සැකකරුවකුගේ සිතුවමක් පොලිසිය විසින් මාධ්‍යවලට මින්පෙර නිකුත් කරනු ලැබූ අතර අනෙක් සැකකරුවා අත්අඩංගුවට ගැනීම හැකියාව ලැබිණි.