ලසන්ත ඝාතනයේ විස්තර ගන්න මගක් කියයි


සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම සම්බන්ධ විමර්ශන පවත්වන රහස් පොලිසිය එවකට ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානීන්ගේ හා ආරක්ෂ්ක ප්‍රධානීන්ගේ දුරකතන විස්තර වාර්තා ලබා ගත හොත් වැදගත් තොරතුරු සොයා ගත හැකි වනු ඇතැයි යුද හමුදාවේ හිටප්‍ර ප්‍රධානියෙක් කියයි.

වික්‍රමතුංග මහතාගේ ඝාතනයට මිනිත්තු 15කට පමණ පෙර ඔහු ඝාතනය කළ බවට එහි ප්‍රධානියකුට  ඇමතුමක් ලැබී ඇති බවත්, එම ඇමතුම ලැබී ඇත්තේ ද තවත් ජ්‍යෙෂ්ඨයකුගෙන් බවත් ඔහු පවසයි.

වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිසිය පසුගිය දා සැකකරුවන් දෙදෙනකුගේ  යැයි කියන චිත්‍ර දෙනන් මාධ්‍යයට නිකුත් කළේය.

2009 ජනවාරි 08 වැනි දා ඔහු ඝාතනයට ලක් වූයේ කොළඹ අධි ආරක්ෂිත කලාපයේදී ය. මේ වන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැත.