ලලිත් වීරතුංගගෙන් සීඅයිඩිය ප්‍රශ්න කරයි


මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම් ලලිත් වීරතුංග මහතා රහස් පොලිසියට පැමිණ පැය තුනක ප්‍රකාශයක් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදන්වූ බව කියන වාහන සම්බන්ධයෙන් රහස් පොලිසියේ දැනුම්දීමක් අනුව ඔහු එහි පැමිණියේය.