ලලිත් කොතලාවලට එරෙහි නඩුව ලබන වසරට කල් යයි


(මනෝප්‍රිය ගුණසේකර )
 
සෙලින්කෝ ව්‍යාපාරයේ හිටපු අධිපති  ලලිත් කොතලාවල  මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි  චෝදනා  හැකි ඉක්මනින් අවසන්  කර ගැනීම පිළිබඳ නීතීපතිවරයා සමඟ කරන සාකච්ඡා  අවසන් අදියරට පැමිණ ඇති හෙයින්  මෙම නඩුවේ විභාගය ලබන වසරේ ජනවාරි 22 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු  සම්පත් විජේරත්න මහතා  අද (19) නියෝග කළේය.
 
 
අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිති නිතීඥවරයා වන අනිල්  සිල්වා  මහතා කළ ඉල්ලීමක් පිළිගත්  විනිසුරුවරයා මෙම  මෙම නියෝගය නිකුත් කළේය.