( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයෙන් වසර තුනක සිර දඬුවම් ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අය විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ලබන 12 වැනිදා සළකා බැලීමට අභියාචනාධිකරණය අද ( 5) නියම කළේය.
මෙම අභියාචන පෙත්සම් දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගේ සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුණි.
ඒ අනුව නඩුවට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ පවතින සියලු ලේඛන එදිනට අභියාචනාධිකරණය හමුවේ ගොනු කිරීමට පියවර ගන්නා මෙන් පාර්ශවකරුවන්ට නියම කළේය.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදාහැරීම තුළින් රජයට රුපියල් මිලියන 650 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා ගොනු කළ නඩුවකට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කෙරිණි.
ලලිත්-අනූෂගේ ඇපෑල 12 වැනි දා සලකා බලයි
Recommended Articles