ලලිත් ඇතුලත්මුදලි හිටියානම් හැත්තෑ නවයයි


විශ්ව විද්‍යාල “මහපොළ” ශිෂ්‍යත්ව ක්‍රමයේ  නිර්මාතෘ මෙන්ම හිටපු  අධ්‍යාපන අමාත්‍යවරයකු වු ලලිත්  ඇතුලත්මුදලි මහතාගේ  79 වැනි  ජන්ම දින සැමරුම නිමිත්තෙන්  කොළඹ රාජකීය විද්‍යාලය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුවට  අද (26) උපහාර  දැක්විණි.

ලලිත් ඇතුලත්මුදලි  සමරු පදනම්  කේන්ද්‍රය මේ උත්සවය සංවිධානය කළේය. මුදල්  අමාත්‍ය  රවී කරුණානායක, ලලිත් ඇතුලත්මුදලි මහතාගේ  සොහොයුරු දයන්ත ඇතුලත්මුදලි , කේසර  ලාල් ගුණසේකර, රසීක් සරූක්, සිරි ප්‍රනාන්දු  යන ගුණ සමරු  පදනමේ  සාමාජිකයන් ද රාජකීය විද්‍යාලයේ  සිසුහු පිරිසක් ද පිළීරුවට  පුෂ්පෝහාර දැක්වුහ.

DSC_0242 DSC_0251a DSC_0265 DSC_0269 RDS_6972