ලයනල් වෙන්ඩ්ට් නාට්‍ය උලෙළට සමගාමීව එළඹෙන 23, 24 හා 25 යන තෙදින තුළ වේදිකා නාට්‍ය තුනක් වේදිකාගත කිරීමට නියමිතය.
හංකිති දහතුන
සැප්තැම්බර් මස 23 වැනිදා ලයනල් වෙන්ඩ්ට්හිදී ජයන්ත චන්ද්‍රසිරිගේ "හංකිති දහතුන" වේදිකාගත වන්නේ සවස 3.30 හා 7 දර්ශන ලෙසිනි. ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, ජයලාල් රෝහණ, වසන්ත විට්ටච්චි, සංජීව දිසානායක, මහේන්ද්‍ර වීරරත්න, නුරාධිකා සේරසිංහ, අයිශාරා අතුකෝරල, නදීෂා රූපසිංහ, ගාමිණි ජයලත් හා තිස්ස ගුණතිලක "හංකිති දහතුන" සඳහා රංගනයෙන් දායක වෙති.
තුන්සිය හැට එක
සැප්තැම්බර් 24 වැනිදා උදයසිරි වික්‍රමරත්නගේ "තුන්සිය හැට එක" වේදිකා නාට්‍යයේ මංගල දැක්ම සවස 7.00 දර්ශනය ලෙස ලයනල් වෙන්ඩ්ට්හිදී වේදිකාගත වේ. 361 සඳ රංගනයෙන් ජයලත් මනෝරත්න, උමයංගනා වික්‍රමසිංහ, රුවන් මලිත් පීරිස්, චාමරී නිසංසලා, මිහිරි ප්‍රියංගනී, රෝහිත ජයකොඩි, කුසල් මධුරංග, ඉෂාරා වික්‍රමසිංහ, නයනතාරා ද සිල්වා එක්වෙති.
බක්මහ අකුණු
එමෙන්ම සැප්තැම්බර් 25 වැනිදා දයානන්ද ගුණවර්ධනගේ "බක්මහ අකුණු" සවස 3.30 ට හා 7.00 දර්ශන ලෙස වේදිකාගත වේ. ජයනාත් බන්ඩාර, රත්නශීලා පෙරේරා, සුනිල් තිලකරත්න, ජනක රණසිංහ, ඉන්දික ජයසිංහ, තරංගා කුමාරි, කැලුම් ගම්ලත්, යොහාන් රණසිංහ, සංජීවනී විජේකෝන් සමග මහේෂ් අමරකෝන් බක්මහ අකුණු රංගනයෙන් හැඩ කරති.
මෙම නාට්‍ය ත්‍රිත්වයේම සංවිධායක ලෙස ජූඩ් ශ්‍රීමාල් කටයුතු කරන අතර, ඔහු සඳහන් කළේ සියලුම ආසන සැලසුම් කර ඇති බවයි. ප්‍රවේශ පත්‍ර වෙන්කරවාගත හැක්කේ ලයනල් වෙන්ඩ්ට් රඟහලෙන් පමණක් බවද ඔහු කීය.