දිලීප් ජයසේකර
මහා පරිමාණා සහල් මෝල් හිමියන් සමග සිදු කළ සාකච්ජාවකට අනුව ලබන සතියේ සිට සහල් මිල රුපියල් 10ක් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
අමාත්‍ය වරයා මේ බව පැවසුවේ හම්බන්තොට සිංහගිරි විහාරාධිපති විතාරන්දෙණියේ වජිරවංශ හිමියන් රචනා කළ “බුදු දහමේ සැණසුම් මග“ කෘතිය හම්බන්තොට සිංහගිරි විහාරයේදි එලිදැක්වීමේ උත්සව අවස්ථාවට එක්වෙමිණි.
‘‘දැනට පවතින හාල් මිල අඩු කිරිම සම්බන්ධයෙන් මහා පරිමාණ හාල් මෝල් හිමියන් සමග ගිය සතියේ අපි සාකච්ජාවක් පැවැත්තුවා. වී තොග මහා පරිමාණ ලෙස රැස් කරගත්ත මෝල් හිමියන් තමයි ඉන්නේ. ඉතින් ඒ අය එහිදී එකග වුනා දැනට තියෙන මිලට වඩා රුපියල් 10ක් අඩුවෙන් හාල් ලබා දීමට.ඒ අනුව ලබන සතියේ සිට දැනට පවතින මිලට වඩා රුපියල් 10ක් අඩුවෙන් හාල් ලබා දීමට අපි පියවර ගන්නවා.‘‘

