සහල් මිල අඩුකිරීමට රජය උපරිම ලෙස මැදිහත්ව සිටින බවත් ලබන සතියේ සිට රුපියල් 76 ට අඩුවෙන් සහල් ලබාගැනීමට ඉඩ සලසන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (3) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘‘වී කිලෝව රුපියල් 90 ට විකිණීමට වී මෝල් හිමියන් සූදානමින් සිටියත් තව අවුරුදු ගණනාවක් වී තොග තබාගෙන සිටියත් ඒ ගාණට විකුණන්න දෙන්නේ නෑ“. වී තොග සඟවාගෙන සිටින සහල් මෝල් හිමියන්ට හොඳට දැනෙන්න වගේම හොඳට රිදෙන්න අමතක නොවන පාඩමක් උගන්වන බවද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකවරයා වැඩිදුරටත් පැවසීය.

