ලබන ආත්මයේ සැප විඳින්න මර්වින් පිං කරයි


මං මේ ආත්මයේ සැප විඳින්නේ ගිය ආත්මයේ පිං කළ නිසායි. මේ ආත්මයේ පිං කරන්නේ ලබන ආත්මයේ සැප විඳින්න‘‘ යැයි මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණිය රජමහා විහාරයේ පැවැති පිංකමකදී අද (30) පැවැසීය. කැලණියේ මියගිය හිටපු අමාත්‍ය සිරිල් මැතිව් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජිනදාස නන්දසේන, ශ්‍රීපති සූරියආරච්චි ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ මියගිය ඥාතීනට පින් අනුමෝදන් කිරීම සඳහා පෞද්ගලික ධනයෙන් භීක්ෂූන් වහන්සේ 50 නමක් විෂයෙහි සාංඝීක දානයක් පිරිනැමීය. කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ ද මෙහිදී අනුශාසනාවක් කළහ.

339 336

338 337