
(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතකු බවට මෑතකදී පත්ව සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ ප්‍රබලයන් අතර ගැටුම මේ වන විට පොහොට්ටුවේ දේශපාලන අර්බුදයක් බවට කල එළි බැස ඇතැයි වාර්තා වේ.
නිමල් ලන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින පිරිසක් සහ තවමත් පොහොට්ටුවේ සිටින පිරිසක් සම්බන්ධ කර ගනිමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට මේ වන විට සැලසුම් කරමින් සිටීම මෙම අර්බුදයට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ගිය සතියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ලන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවේ පිරිසක් සම්බන්ධ කරගනිමින් මෙලෙස කටයුතු කිරීම පක්ෂයේ කටයුතුවලට ගැටලුවක් වී ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතාගේ එහිදී පවසා ඇතැයි ද වාර්තා වේ .
නිමල් ලංසා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින අනුර ප්‍රියදර්ශන යාපා , ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න ,ප්‍රියංකර ජයරත්න, සුසිල් ප්‍රේම ජයන්ත යන මැති ඇමතිවරුන් මෙන්ම,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින පිරිසක් ද,එකතු කර ගනිමින් මෙම නව සන්ධානය ගොඩනැගීමට කටයුතු කරමින් සිටින අතර,පොහොට්ටුවෙන් තවත් පිරිස් ගැනීමටද සූදානමින් සිටින බව වාර්තා වේ.
මේ අතර ,නිමල් ලන්සා මහතා ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති භාරව කටයුතු කරන අතර,ඔහුට ජනාධිපති කාර්යාලයෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක්ද ලබාදී ඇතැයි පැවසේ.

