ලන්දේසි යුගයේ පාරක් මාතර කොටුවෙන් මතු වේ


(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර කොටු දොරටුව ආශ්‍රිතව සිදු කළ කැණීම් වලදී ලන්දේසි යුගයට අයත් බවට සැක කෙරෙන මාර්ගයේ කොටසක් ඇතුළු වැදගත් සාක්ෂී රැසක් හමු වු බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් කුරේ මහතා පවසයි.

පුරා විද්‍යා දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල එක්ව මේ වන විට මාතර කොටුව ආශ්‍රිතව සිදු කරන කැණීම් කටයුතු නිරික්ෂණය කිරීම සදහා ඒ මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පැමිණ සිටියහ.

මෙම කැණීම් කටයුතු හේතුවෙන් මීට දින කිහිපයකට පෙර මාතර කොටු දොරකඩ සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන අතර ඒ සදහා ප්‍රවේශ මාර්ගය ලෙස වෙරළ පාර භාවිතා කිරීමට ජනතාවට උපදෙස් ලබා දී තිබේ.