ලන්දේසි කාසි, කිල්ලෝට රාජසන්තකයි


මෙරට  රජ සමයට හා ලන්දේසි යුග වලට  අයත් බවට සැකකරණ  පෞරාණිික  කාසි, සහ පුරා විද්‍යා වටිනාකමකින් යුතු  කිල්ලෝට  තොගයක් රැගෙන මෙරටින් පිටවීමට  උත්සහ කළ ඉන්දියානු ව්‍යාපාරිකයෙකුට රුපියල් දස දහසක දඩයක් නියම කළ රේගුව එම කාසි සහ කිල්ලෝට සියල්ල රාජසන්තක කළේය.

අත් අඩංගුවට ගනු ලැබූ කාසි අතර  වර්ෂ 1734, 1746, 1751,  සහ 1765 ගනන් වලට අයත් ලන්දේසි  වී. ඕ.සී  කාසි 27 ක් ද තවත් පැරණි කාසිද, කෞතුක වටිනාකමක් ඇති කිල්ලෝට 10 යක්ද වූ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක, රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමණී මහතා පැවසීය.

සැකකරු 51 වියැති ඉන්දියාවේ කෞතුක භාන්ඩ  ආයතනයක හිමිකරුවෙක්  බව රේගුව කියයි. 
 

 මෙම කෞතුක භාන්ඩ රාජගිරිය ප‍්‍රදේශයෙන්  මිලදී ගත් බව මොහු  රේගු නිලධාරීන්ගේ ප‍්‍රශ්ණ කිරීම් හමුවේ පවසා ඇත.

මීට දින කිහිපයකට පෙර මෙරටට පැමිණ ඇති සැකකරු  මෙහි පැමිණි පලමු අවස්ථාව මෙය බවද රේගුව අනාවරණය කරගෙන ඇත.

සැකකරු  ජෙට් ගුවන්සේවයට අයත් එස්.ජී 3316 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ මදුරෙයි බලා පිටත්විමට පැමිනි අවස්ථාවේදී  රේගු  ජෛව විවිදත්ව ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගේ ගමන් මලූවල මෙම පෞරණික භාන්ඩ තිබූ බව රේගුව කියයි.

පුරා වස්තු ආඥා පනත යටතේ 1815 ට පෙර භාන්ඩ කිසිවක් අපනයනට තහනම් බැවින් මොහු මෙම භාන්ඩ සමග අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ රේගු ජෛව විවිධත්ව සහ ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුනසේකර සහ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක  ඩබ්ලිව්.ඒ.ආර්.එච්  වංශතිලත යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී අයි. බාලසූරිය, නියොජ්‍ය රේගු අධිකාරී එච්. ගුරුගේ සහකාර රේගු අධිකාරීවරුන් වන හසන්ත කෞසල්‍ය, සහන් ජයසිංහ, ඒ.කේ.ආර් සමන්ජිත්, ජේ.කේ.එල්.එස් පෙරේරා, අයි.එම්.එල් දුෂ්‍යන්ත සහ සොනාලි ලොකු බාලසූරිය යන නිලධාරීහු සිදුකරති.