ලන්ඩන් ශ්‍රීලනිපය ජිනීවා විරෝධය සංවිධානය කරයි


ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ලබන සිකුරාදා (15) ශ්‍රී ලංකාවට පක්ෂව පැවැත්වෙන උද්ඝෝෂණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලන්ඩන් නුවර ශාඛාවෙන් පිරිස් සහභාගී කැර වීමට නියමිතය.

පක්ෂ ශාඛාවේ සභාපතිනි රානි බුලත්වෙල, ත්‍රස්ත විරෝධී ශ්‍රී ලංකා එකමුතුවේ කැඳවුම්කරු අනුර මැදගෙදර ජීනිවා යන පිරිස් සංවිධානය භාරව සිටිති.

සිංහල, දෙමළ හා මුස්ලිම් සංවිධානයන්ගේ පිරිස් ජිනීවා යෑමට නියමිත බව ද ඔවුහු කියති.