ලන්ඩන් ශ්‍රී ලාංකිකයා සැකපිට


බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකික  දෙමළ ජාතික  යුවළක්   පැහැරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්  ලන්ඩන් මෙට්‍රෝ පොලිටන්  පොලිසිය  විසින් ලන්ඩන් නුවරදි  තවත් ශ්‍රී ලාංකිකයෙක් අත්අඩංගුවට   ගනු ලැබීය.

ඔහු හෙන්රි පොල්  අජන්තන් නැමති අයෙකි. මෙම පුද්ගලයා  පැහැර ගැනීමට  ලක් වු දෙමළ ජාතික නවරාජ් යටතේ  ඔහුගේ ලන්ඩන් වෙළෙද  ව්‍යාපාරයක සේවය කරන්නෙකි.

දෙමළ ජාතික  නවරාජ් ශ්‍රී ලංකාවට  පැමිණිමත්  පසුව ඉන්දියාවට පැමිණෙන දිනය  වේලාව  ආදී සියලු තොරතුරු  කප්පම් කරුවන්ට ලබා දී ඇත්තේ  ඔහු විසින් යැයි  ලන්ඩන් පොලීසිය සැක කරයි.

 මෙම පැහැර ගැනීමේ සිද්ධියෙන් පසුව  චෙන්නායි ගුවන්තොටුපළ  මුළුමනින්ම ආවරණය  වන පරිදි එහි  ඇතුළු වීමේ හා පිටවීමේ  පර්යන්ත වලින් ඉන් පිටතටත් රූපවාහිනි  කැමරා සවි කිරීමට තමිල්නාඩු ගුවන්තොටුපළ බලධාරීන් තීරණය කළ බව තමිල්නාඩු පොලිස් කොමසාරිස්  එස් ජෝර්ජ් පවසයි.