ලන්ඩන් මැරතන් තරගයේදී අනුරාධ 14 වැනි ස්ථානයට


එංගලන්තයේ ලන්ඩන් නුවරදී අද (21) පැවැති ලන්ඩන් මැරතන් තරගයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 14 වැනි ස්ථානය ලැබීය. අනුරාධ පැය 2.17:53 කින් තරගය නිම කළේය. අනුරාධ, ලන්ඩන් මැරතන් තරගයට සහභාගි වූ පස්වැනි අවස්ථාව මෙය වේ.

දැඩි ආරක්‍ෂක රැකවරණ මැද ලන්ඩන් නුවරදී පැවැති මෙම මැරතන් තරගය සඳහා ධාවකයෝ 35,000 ක් පමණ සහභාගි වූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.