ලබන ඉරිදා (21 වැනිදා) එංගලන්තයේ ලන්ඩන් නුවරදී අනිද්දා පැවැත්වෙන ‘ලන්ඩන් මැරතන් තරගය’ සදහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහභාගි වීමට නියමිතය. ශී‍්‍ර ලංකාවේ නමගිය මැරතන් ධාවකයෙකු වන ඉන්ද්‍රජිත් කුරේ දැනට එංගලන්තයේ වෙසෙන අතර ඔහු පැවති ලන්ඩන් ඔලිම්පික් උළෙලටද (2012) ශී‍්‍ර ලංකා නියෝජනය කරමින් සහභාගි වූ කී‍්‍රඩකයෙකි.
සුප‍්‍රසිද්ධ ලන්ඩන් මැරතන් තරගය සදහා ඔහු සහභාගි වන්නේ පස් වැනි වසරටය. මෙම තරගයට සහභාගි වීමේ සුදුසුකම් සම්පූර්ණ කර ගැනීමට ඔහු මෙවරත් සමත් විය.
ලන්ඩන් මැරතන් තරගය කෙරෙහි මේ වන විට ලොව පුරා වඩාත් අවධානයක් යොමුව තිබේ. ඊට හේතු වී ඇත්තේ ඇමරිකාවේ බොස්ටන් නුවරදී පැවති බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප‍්‍රහාරයත් සමග ලන්ඩන් මැරතන් තරගයට දැඩි රැකවරණ යෙදවීමට බි‍්‍රතාන්‍ය රජය තීරණය කිරීමයි.