ලන්ඩන් මහමෙව්නා වෙසක් පිංකම 25


ලන්ඩන් නුවර මහමෙව්නාව භාවනා අසපුව මගින් මෙවරත් උතුම් සම්බුදු තෙමඟුල සිහිපත් කරවමින් වෙසක් පුන් පොහොය දිනයේදී (25) අසිරිමත් වෙසක් මංගල්‍යය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සැරැසේ .

අසපු සෙවනේදී වෙසක් පොහෝදා දාන, ශීල ,බණ භාවනා වැඩ සටහන් මාලාවක්ම පැවැත්වේ. එදින සිල් සමාදන්වන දරු දැරියන් වෙනුවෙන්  ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා ඉංග්‍රීසි භාෂාවෙන්ද පැවැත්වීමද යයි.

අසපුවාසී ස්වාමීන් වහන්සේලාගේ සිරි සම්බුදු බෝධි වන්දනාවෙන් පිංකම සමාප්ත වෙයි.

ලන්ඩන් නුවර මහමෙව්නා අසපුව සඳහා ශ්‍රී ලංකාවේදී නිර්මාණය කරන ලද බුදු පිළිම වහන්සේ අභිනව බුදුමැදුරෙහි තැන්පත් කිරීමද වෙසක් පුන් පොහොය දිනයේදී සිදුකිරීමට කටයුතු සුදානම් කර ඇත.

ලන්ඩන් නුවර මහමෙව්නා භාවනා අසපුව පිහිටුවා කෙටි කාලයක් ඇතුලත ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතික  බෞද්ධ සැදැහැවතුන් විශාල පිරිසකගේ ආකර්ෂණය දිනාගැනීමට සමත්වී තිබීම විශේෂත්වයකි. මේ නිසාම අසපු මුලස්ථානයට අමතරව ඉන් පිට දුර බැහැර  ප්‍රදේශවල ජීවත්වන සැදැහැවතුන්හට සහභාගීවීම සඳහා පහසුවන අන්දමට සති අන්තයේ ලන්ඩනය අවට වෙනත් ස්ථාන කිහිපයකම බණ භාවනාදී පින්කම් පැවැත්වීමට කටයුතු යොදා ඇත.