ලන්ඩන් මහමෙව්නා නව භාවනා කුටි ඉදිවෙයි


ලන්ඩන් නුවරින් මදක් ඈතින් නිසංසල ගැමි පරිසරයක පිහිටුවා ඇති මහා බ්‍රිතාන්‍යයේ මහමෙව්නාව භාවනා අසපුවේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාගේ භාවිතය උදෙසා අභිනවයෙන් ඉදිකරනු ලබන භාවනා කුටි සඳහා මුල් ගල් තැබීමේ පින්කමක් පසුගියදා පැවැත්විණි.

ශ්‍රී ලාංකික මෙන්ම  ජාතික සැදැහැවත්හු දෙසීයකට වැඩි පිරිසක් සහභාගී වුහ.

පිංකම මෙහෙයවන ලද්දේ විහාරවාසී ස්වාමින්වහන්සේ විසිනි. උන්වහන්සේලා රතන සුත්‍රය දේශනා කරන අතරවාරයේ විශේෂයෙන් පිළියෙළ කරන ලද මුල්ගල් තැන්පත් කෙරිණි.

භාවනා කුටි පහක් ඉදි කෙරිණි.

එදින දවස පුරාම අසපු භුමියේදී දරු දැරියන් සහ වැඩිහිටි සැදැහැවතුන් සහභාගිවූ  ධර්මදේශනා, භාවනා සහ ධර්ම සාකච්ඡාමය වැඩසටහන්ද පැවැත්විණි. 

එම වැඩසටහන් සිංහල මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන්ද මෙහෙයවනු ලැබුවේ විහාරවාසී භික්ෂුන් වහන්සේ සහ දායක සභාවේ පින්වතුන් විසිනි.

බුදුරජානන්වහන්සේ වදාළ නිර්මල ධර්මය සැදැහැවතුන් වෙතට රැගෙන යාමේ උතුම්  පින්කමහි නියැලී ඉන්නා මහසඟ රුවනගේ හාවිතය උදෙසා කුටි සපයාදීමේ ආනිසංශ පහදා දෙමින් එදින පිංකම සඳහා සහභාගිවූ අනුග්‍රහය දැක්වූ සියලුම දෙනාට පුණ්‍යානුමෝදනා කැරිණි.