පසුගිය බදාදා ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයෙදී පැවැත්වු ධර්මදේශනාවකට සවන්දීමට පැමිණි යුරෝපා ජාතිකයින් ඇතුළු පිරිසකගෙන් පන්සලේ අස්සක් මුල්ලක් නෑර සියලු ඉඩ කඩ පිරී ඉතිරී ගියේය.
ඕස්ට්‍රේලියාවේ බෝධිඥාන විහාරස්ථානාධිපති සංඝපීතෘන් වහන්සේ නමක් ලෙස සුප්‍රසිද්ධ අජාන් බ්‍රහ්මවම්සෝ හිමියෝද දේශන පැවැත්වුහ.
ලන්ඩන් බෞද්ධ විහාරය පිහිටුවා ඇති චිසික් නගරයට යාබද ඇක්ටන් නගරයේ මධ්‍යපන්තික පවුලක උපත ඒ හිමියෝ කුඩා කාලයේ ගමේ පාසලෙන් ඉගෙනුම ලබා ශිෂ්‍යත්වයක් දිනා කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට ඇතුළුවී න්‍යායික භෞතිකවිද්‍යාව හදාරා උපාධියක් දිනාගත්තේය.
වයස අවුරුදු විසි තුනේදී තායිලන්තයේ අජාන් චා බෝධිඥාන මහ තෙරුන් වෙතින් පැවිදි උපසම්පදාව ලැබූ බ්‍රහ්මවම්සෝ හිමි වසර නමයක් වනවාසීව ධර්මය ගැඹුරින් උගත්හ.
උන්වහන්සේ ඕස්ට්‍රේලියාවේ බෞද්ධ සංගමය ඇතුළු බොදු සංවිධාන රැසක උපදේශක තනතුරුද හොබවති.
සරල පැහැදිලි ඉංග්‍රීසි බසින් බුදුදහමේ ගැඹුරු තැන් පිලිබඳව සාමාන්‍ය ජනයා හට මනා අවබෝධයක් ලැබෙන ආකාරයට ධර්මදේශනා පැවැත්වීම සම්බන්ධයෙන් බ්‍රහ්මවන්සෝ හිමියෝ ප්‍රකටව සිටිති.
එංගලන්තයේ විවිධ නගරයන්හිදී බෞද්ධ විහාරස්ථාන, විශ්ව විද්‍යාල සහ අනෙකුත් ප්‍රජා සහ ආගමික සංවිධානයන්ගේ මෙහෙයවීමෙන් ඔක්තෝබර් මාසය පුරා දිනපතා උන්වහන්සේගේ ධර්මදේශනා පැවැත්විණි.
ලන්ඩන් බෞද්ධ විහාරයේ පැවැත්වුයේ එම චාරිකාවේ අවසන් ධර්ම දේශනයයි.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝගොඩ සීලවිමල නාහිමියෝ බ්‍රහ්මවම්සෝ හිමියන් පිළිගත්හ. පුණ්‍යාණුමෝදනාවද කළහ.











