ලන්ඩන් බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති මහාබ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක පුජ්‍ය බෝගොඩ සීලවිමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඩබ්ලියු.ඩී.විජයරත්න, අනුලා විජයරත්න, සුසන්ත ද අල්විස්, විනීතා ද අල්විස් සහ එම පවුල් දෙකෙහි දුදරුවෝද, ඥාතීහුද සහ හිතවත්හුද දායකත්වය දැරූහ.
සීලවිමල නාහිමියන් සමඟ ලන්ඩන් විහාරවාසී පුජ්‍ය තවලම බන්දුල හිමි, කෝන්වැවේ අරියරතන හිමි, සුසාර හිමි, කළුගමුවේ කස්සප හිමි, නැගෙනහිර ලන්ඩනයේ ලුම්බිණි විහාරාධිපති මාකුරේ මංගල හිමි,ලන්ඩන් නුවර රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරාධිපති පෙතිගමුවේ හේමරතන හිමි, එම විහාරවාසී කලවානේ ආනන්ද හිමි, ලේච්වර්ත් බෞද්ධ විහාරාධිපති දෙදියවල විමල හිමි, තේම්ස් බෞද්ධ විහාරාධිපති ඇහැලියගොඩ ධම්මපාල හිමි, ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ විහාරවාසී කැටියපේ අමිතසාර හිමි සහ ගලයායේ ධම්මදස්සී යන හිමිවරුන් පිංකමට සහභාගී වුහ.
කඨින චීවර පුජාවෙහි ඇති වැදගත්කමත් එයින් ලැබෙන මහාත්ඵල මහානිසංශ පිළිබඳවත් සීලවිමල නාහිමියන් විස්තරකරදුන් අනුශාසනාව පැවැත්වීය. කෝන්වැවේ අරියරතන හිමියෝ සිංහල ධර්මදේශනාව පැවැත්වූහ.
මාකුරේ මංගල හිමි, පෙතිගමුවේ හේමරතන හිමි, ඇහැලියගොඩ ධම්මපාල හිමි සහ කෝන්වැවේ අරියරතන හිමියෝ විනය කර්මය පැවැත්වීමෙන් අනතුරුව වැඩමකර සිටි මහා සංඝරත්නයේ ඒකමතික තීරණයෙන් කඨින චීවරය ලන්ඩන් බෞද්ධ විහාරවාසී කළුගමුවේ කස්සප හිමියන්හට පුජාකැරිණි.
මහා බ්‍රිතාන්‍යයේ වැඩබලන ශ්‍රී ලංකා මහ කොමසාරිස් ශාමලී රොඩ්රිගෝ ඇතුළු ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතික බෞද්ධ සැදැහැවතුන් විශාල සංඛ්‍යාවක්ද පිංකමට සහභාගී වුහ.











