එක්සත් රාජධානියේ පදිංචිව වෘතියෙන් ඉංජිනේරු ශිල්පියෙකුවන විමල් අලහකෝන් විසින් නිෂ්පාදනයකොට ප්‍රධාන චරිත රඟපෑ සිංහල චිත්‍රපට දෙකක මංගල දර්ශන පසුගියදා ලන්ඩන් නුවරදී පැවැත්විණි.
"අනන්තය" හා "කීරකොටුවේ ගෙදර" එම චිත්‍රපට දෙකයි.
කීරකොටුවේ ගෙදර සිනමා නිලි ශ්‍රියානි අමරසේනගේ අධ්‍යක්ෂනයකි. සුනාමි ව්‍යසනයෙන් මියගිය අයකුගේ පුනර්භවය පිලිබඳව කියවෙන කතා තේමාවක් ඔස්සේ නිර්මාණය වූ "අනන්තය" කතාව අධ්‍යක්ෂණය කර ඇත්තේ ලංකාදීප පත්‍රයේ ප්‍රවීන මාධ්‍යවේදියෙකුවන රොඩ්නි විදානපතිරණයි.
විමල් මීට පෙරද ශ්‍රී ලාංකීය සිනමා නිර්මාණ කිහිපයකට නිෂ්පාදනයෙන් මෙන්ම රංගනයෙන්ද දායක විය.
මෙම සිනමා දර්ශනය සඳහා සහභාගිවූ ලන්ඩන් බෞද්ධ විහාරවාසී කෝන්වැවේ අරියරතන හිමියන් චිත්‍රපටි කලාව පිලිබඳ කෙටි අදහස් දැක්වීමක් කළේය.
නිෂ්පාදකයකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙස විමල් අලහකෝන් විසින් සිංහල සිනමා කර්මාන්තය වෙනුවෙන් දැක්වුණ දායකත්වය හා කැපවීම අගය කළ යුතු බව ඒ හිමියෝ කීහ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමින් චමින්ද කුලරත්න සහ අසේල රත්නායක යන මහත්වරුද සහභාගි වූහ.
බ්‍රිතාන්‍යයේ රාජකාරි කටයුතු නිමකරමින් ආපසු ශ්‍රී ලංකාවවෙත නික්මගිය චමින්ද කුලරත්න මහතාගේ සේවය අගයමින් හන්ස්ලෝ ජනහඬ පදනම විසින් උපහාර පලකිරීමේ අවස්ථාවක්ද මෙහිදී සංවිධානය කොට තිබිනි.
මෙම කෙටි සිනමා උළෙලේදී කථනයෙන් ටෙරන්ස් ජේ ලෝව් සහ ගීතා ගොඩකන්ද දායකත්වය සැපයූ අතර සිනමා දර්ශනය සංවිධානය කොට තිබුනේ හන්ස්ලෝ ජනහඬ පදනම සමග ආසියානු මාධ්‍ය සංවිධානයයි. මෙම චිත්‍රපට තිරගත කිරීම භාරව කටයුතු කළේ ගාමිණී මුතුකුමරණයි.