ලන්ඩන් නුවර නත්තල් භක්ති ගීත 12 වැනිදා


ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරින් කාර්යාලය  වාර්ෂිකව සංවිධානය කරන නත්තල් භක්ති ගීත වැඩසටහන මෙම ලබන බ්‍රහස්පතීන්දා (12) සවස හතට මහකොමසාරිස් කාර්යාලයයේදී පැවැත්වීමට යයි.

ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලාංකික දුදරුවන් සහ දෙමාපියන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ජනප්‍රිය නත්තල් භක්තිගීත රැසක්ම ගායනා කරනු ඇත.

ශ්‍රී ලංකා මහා කොමසාරින් දොස්තර ක්‍රිස් නොනිස්ගේ පුර්ණ අනුග්‍රහයෙන් සංවිධානය කෙරෙන මෙම උත්සවය සඳහා සහභාගීවන ලෙස බ්‍රිතාන්‍යයේ පදිංචි සියලුම ශ්‍රී ලාංකිකයින්හට ආරාධනාකර ඇත. 

සහභාගීත්වය කල් ඇතිව මහකොමසාරිස් කාර්යාලයට දැනුම්දෙන ලෙස ද දන්වා ඇත.