ලන්ඩන් නුවර දීර්ඝ කාලයක් තිස්සේ වෛද්‍යවරියක ලෙස සේවයකරන දොස්තර කුසුම් සුබසිංහ ගායනාකල අලුත්ම ගීත ඇතුලත් " කෝකිල ගී " නම්වූ සංයුක්ත තැටිය එළිදැක්වීමේ උත්සවයක් පසුගියදා පවත්වනු ලැබිය.
ලන්ඩන් නුවර පදිංචි ශ්‍රී ලාංකිකයින්හට කලකින් රසවිඳින්නට ලැබුන එම සුමියුරු ගී සැඳෑව සඳහා ආරාධනා ලැබ සහභාගීවූ රසවතුන්ගෙන් ප්‍රේක්ෂකාගාරය අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබුණි.
එදින කුසුම් සුබසිංහ සිය නවතම ගී තැටියෙහි අඩංගු ගීත සමඟ ජනප්‍රිය දේශාභිමානී ගීත කිහිපයක්ද ගායනා කළාය.
ඒසඳහා ඇයගේ සැමියාවන දොස්තර ඥානිස් සුබසිංහ, ඔවුන්ගේ පුතුන් දෙදෙනා වන දොස්තර මනිල් සුබසිංහ සහ දොස්තර සුජිත් සුබසිංහ සමඟ ගාමිණී අබේවර්ධන,ඩෙන්සිල් ලාසරස් සහ ඇන්ඩෲ සියඹලාවත්ත සංගීතය සැපයීමෙන් සහාය වුහ.
බොහෝ කලක සිට ලන්ඩන් බෞද්ධ විහාරයේ දහම්පාසලේ වැඩකටයුතු සඳහා සිය ශ්‍රම දායකත්වය සපයන සුබසිංහ යුවළ විහාරස්ථානයේ සියලුම වැඩකටයුතු සඳහාද නිරතුරුව උදව් උපකාර කරති. ඔවුන්ගේ දරුවන් දෙදෙනා දහම් පාසලේ දීප්තිමත් සිසුන් වුහ.
මේබව සිහිපත්කරමින් අනුසාශනාවක් පැවැත්වූ ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් පැවසුවේ සුබසිංහ යුවලගේ පුර්ණ දායකත්වය සහ නොමසුරු සහයෝගය නොලද කිසිම වැඩකටයුත්තක් උන්වහන්සේ දන්නා කාලයක ලන්ඩන් විහාරයේ සිදුවී නොමැති බවයි.
මහා බ්‍රිතාන්‍යයේ සහකාර ශ්‍රී ලංකා මහකොමසාරිස් නෙවිල් ද සිල්වා, දොස්තර නිහාල් ගුණසේකර, එක්සත් රාජධානියේ සිංහල සංගමයේ සභාපති ඩග්ලස් වික්‍රමරත්න, ලංකා විත්ති පුවත්පතේ කතෘ ප්‍රවීණ ලේඛක දයා ආනන්ද රණසිංහ සහ බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා සංසදයේ කැඳවුම්කරු ජනක අලහප්පෙරුම විශේෂ දේශනා පවත්වනු ලැබිය.
විස්තර කථනයෙන් සහායවුයේ නීතිඥ අනුර හගොඩ සමඟ ආසිරි බණ්ඩාරයන්ය. ශබ්ධ පරිපාලනය කළේ ගොඩ්ෆ්‍රී සහ ඩෙක්ස්ටර් සිල්වා විසිනි.