ලන්ඩන් කරාතේ ශූරයා සීනිගමට යළි එයි


ලන්ඩන් පොලීසියේ කරාතේ ශූරයකු වන එඩී ජිලෙප්සි (42) කරාටේ දෙසතියක වැඩමුළු කිහිපයක් පැවැත්වීම සඳහා ලබන මාර්තුවේදී ශ්‍රී ලංකාවට පැමිණෙයි.

2004 සුනාමි සමයේ ශ්‍රී ලංකාවට ආ  එඩී යටතේ පුහුණුව ලැබූ තරුණයෝ කිහිප දෙනෙක්ම කළුපටි හිමිකරගෙන සිටිති.

‘එදා මගෙන් කරාතේ ඉගෙන ගත් අය දරුවන්ගේ තාත්තලා වෙලා ඇති. ‘

සීනිගම තරුණයෝ එදා ඔවුන්ගෙන් කරාතේ ඉගෙන ගත්හ.

‘ශ්‍රී ලංකාවට යළි යෑම ලොකු සතුටක්. එරට සංස්කෘතිය ගැනත් අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා.‘