ලන්ඩන් එජාප ශාඛාව ජයලත් සිහි කරයි


අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතාට  පින් පැමිණවීමක් හා දේව මෙහෙයක් ලන්ඩනයේදී පැවැත්වීමට නියමිතය.

මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව මඟින් සුදානම්කර ඇති මේ පිංකම සෙනසුරාදා සවස ලන්ඩන් බෞද්ධ විහාරයේදී හා  කතෝලික දේව මෙහෙය ඉරිදා සවස විල්ස්ඩ්න් ග්‍රීන්හි මේරි මැග්ලඩින් දෙවස්ථානයෙදී ද පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාවේ සභාපති දිනේෂ් කපුකොටුව කියයි.