සරණාගත රැකවරණ පතා බ්‍රිතාන්‍යයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයෝ පනස් දෙදනෙකු එරටින් පිටුවහල් කරනු ලැබ බ්‍රිතාන්‍ය පොලීසියේ හා ආගමන විගමන දෙපාර්තමේන්තු සෝදිසිය යටතේ කුලී ගුවන් යානයකින් අද ගෙන එනු ලැබූහ.
වසර හතරේ සිට දහතුන දක්වා එරට සිටි මේ පිරිස අතර දෙමළ 29 දෙනෙක්ද, මුස්ලිම් 10 දෙනෙක්ද, සිංහල 13 දෙනෙක්ද වූහ. ශිෂ්‍ය වීසා අහෝසි වූ අයද මේ පිරිස අතර සිටිති. ඔවුහු සියලු දෙනාම එරටින් පිටුවහල් කරනු ලැබූහ.