ජනාධිපතිවරනයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම උදෙසා තම ශාඛාව උපරිමයෙන් ක්‍රියාකරන බව හර්ෂක කන්නන්ගර මහතා සභාපතිත්වය දරන එක්සත් ජාතික පක්ෂ එක්සත් රාජධානි ශාඛාව කියයි.
"පසුගිය දින කිහිපයකට ඉහතදී පක්ෂයෙන් ඉවත් වූ හිටපු මහ ලේකම් තිස්ස අත්තනයක මහතා වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්වීමට තීරණය කිරීමත් සමග විවිධ ජන මාධ්‍ය අප ශාඛාවද ඔහු අනුගමනය කිරීමට යනබවට අසත්‍ය ප්‍රචාර ගෙනයමින් සිටි. එම ප්‍රචාරවල කිසිම සත්‍යයක් නැති බව අවධාරණය කරසිටිමි.
තවද, පක්ෂයේ නායකතුමන්ගේ උපදෙස් පරිදි පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා දිනවීම වෙනුවෙන් අපගේ කාර්යභාරය ඉටු කිරීමට සියලුදෙනා තීරණය කරඇති බවද සදහන් කර සිටිමි."

