එංගලන්තයේ සරේ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර් සංගක්කාර පෙරදින රාත්‍රියේදී ලන්ඩනයේ ගුවන්තොටකදී අප්‍රසන්න, බිහිසුණු, කටුක හා අවිනීත තත්ත්වයකට ලක්වූ බව ඔහුගේ ට්විටර් ගිණුමේ ලියා ඇත.
මහා බ්‍රිතාන්‍යයේ ආගමන හා විගමන නිලධරයකුගේ ක්‍රියාව නිසා තමා එම අත්දැකීමට ලක්වූ බවද ඔහුගේ ට්විටර් පණිවුඩයේ සටහන්ව ඇත. ‘‘පාට, ආගම හෝ කීර්තිය කුමක් වුවත් හැම ගුවන් මගියකුටම ආචාරශීලී විය යුතුයි. මගේ වාසනාවට මෙන් මා එවැනි කටුක හා අප්‍රසන්න අත්දැකීමකට මුහුණ පෑවේ එක් නිලධරයකුගෙන් පමණි. එදා රාජකාරියේ සිටි සෙසු ආගමන විගමන නිලධරයෝ මනහරය‘‘ පසුගිය 15 වසරේදීම බ්‍රිතාන්‍යයට පැමිණි තමා මෙවැනි අත්දැකීමකට මුහුණ පෑ පළමු අවස්ථාව මෙය බවත් ඔහු කියයි.
සෝදිසියෙන් හා පරීක්ෂාවෙන් සිටීමේ අවශ්‍යතාවය තමා පිළිගන්නා නමුත් ඒ නිසාම හැම ගුවන් මගියකුටම ආචාරශීලී ලෙසත් සුහදවත් සැලකිලි දැක්විය යුතු බවත් ඔහුගේ ට්විටර් පණිවුඩයේ දැක්වේ. මෙම නිලධරයා අශිෂ්ට නොහික්මුණු තමාගේ ලොකුකම් පෙන්වූ අවිනීත පුද්ගලයකු බවද සංගක්කාර ඔහුගේ ට්විටර් පණිවුඩයෙන් පවසයි.


