ලන්ඩන් බෞද්ධ විහාරය ප්‍රමුඛ මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික විහාරස්ථාන මෙවරත් වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් දාන, සීල, භාවනාදී ආගමික වැඩසටහන් රැසක්ම සූදානම් කර ඇත. මේ අතරට එංගලන්තයේ ඉපදී හැදෙන වැඩෙන ශ්‍රී ලාංකික දෙමව්පියන්ගේ දූ දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් මාලාවක් ද පැවැත්වේ.
ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේ වෙසක් වැඩසටහනට මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ සහභාගි වෙයි. පසුගියදා පොලොන්නරුවේදී පරීක්ෂාවට ලක්කරන ලද උල්කාපාත කොටස් සහ එමගින් එළිදරව් වුණ පිටසක්වල ක්ෂුද්‍ර ප්‍රාණීන් පිළිබඳව තමන්ගේ මතය සහ පිටසක්වල ජීවීන් පිළිබඳව බුදුදහමේ දැක්වෙන කරුණු අතර ඇති සමානතා ද පැහැදිලි කරන සිසුන් විශේෂ දේශනයක් දොස්තර ඥානිස්සර සුභසිංහ සහ කුසුම් සුභසිංහ ඉදිරිපත් කෙරෙන බොදු බැති ගී වැඩසටහනක් ද විශේෂාංගයෝයි.
කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සිල් වැඩසටහනක් පැවැත්වෙන බව විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී හිමියෝ පැවසූහ. ලන්ඩන් මහමෙව්නා අසපුවේදී දවස පුරාම සීල සමාධි වැඩසටහන් පැවැත්වේ. පොහොය දා සවස සිරි ගෞතම බෝධි වන්දනා වැඩසටහනක් ද සංවිධානය කර ඇත.
හවුන්ස්ලෝ අතුල දස්සන විහාරස්ථානයේදී අලංකාර වෙසක් තොරණක් ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව විහාරාධිපති වඳුරඹ කස්සප හිමියෝ පැවසූහ. විහාරස්ථ තරුණ දායක කාරකාදීන්ගේ සහයෝගයෙන් ඉදිකෙරෙන වෙසක් තොරණේ විදුලි බුබුළු දහසකට වඩා ඇතුළත් වන බව කස්සප හිමියෝ පැවසූහ.
ලන්ඩන් නුවර පමණක් ශ්‍රී ලාංකික විහාරස්ථාන දහයකට වැඩි සංඛ්‍යාවකි. මේ හැම විහාරස්ථානයකටම ශ්‍රී ලාංකික මෙන්ම අන් ජාතික හෝ විශාල පිරිසක් නිරන්තරයෙන් බණ භාවනාදී වැඩසටහන් සඳහා සහභාගි වීමට පැමිණෙති.
ලේච්වර්ත්, බර්මින්හැම්, ලෙස්ටර්, මැන්චෙස්ටර්, නොටින්හැම් සහ ග්ලාස්ගෝ වැනි බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර යන්හි ශ්‍රී ලාංකික විහාරස්ථාන වල වෙසක් උත්සව සංවිධානය කර ඇත.