ලන්ඩනයේ රාහුල දහම් පාසල් දරුවෝ හෙළ ආර රකිති


ලන්ඩන්බෞද්ධ විහාරයේ රාහුල දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සහ සහතිකපත්බෙදා දීම පසුගියදා ඉමහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මහාබ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක ලන්ඩන් බෞද්ධ විහාරාධිපති  බෝගොඩසීලවිමල මහනා හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවති එම උත්සවයේදී රාහුල දහම්පාසලේ සහ පුබුදු දහම් පාසලේ බෞද්ධ ධර්මය සහ සිංහල භාෂාව ඉගෙනගන්නා දරුදැරියෝ  බෞද්ධ තේමාවන්රැගත් අලංකාර සංස්කෘතික අංග රැසක් ඇතුළත්වූ මනහරවිවිධ ප්‍රසංගයක්  ඉදිරිපත් කළහ. සිංහල අලුත් අවුරුදී චාරිත්‍ර වාරිත්‍රවිස්තර කෙරෙන වැඩසටහන්ද මෙහි විය.

එංගලන්තයවැනි රටක ඉපදී හැදී වැඩෙන සිංහල දරුවන්ට ඇති ඔවුන්ගේ දෙමාපියන්ගේසංස්කෘතිය ආගම සහ භාෂාව පිළිබඳව දැනුමක් මෙන්ම ඇල්මක් ඇතිකරවලීමට දහම් පාසලමගින් ගන්නා උත්සාහය අගයකළ යුතුබව උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගීවූවැඩ බලන ශ්‍රී ලංකා මහා කොමසාරිස් නෙවිල් ද සිල්වා මහතා  පැවසීය.

මහකොමසාරිස් කාර්යාලයේ දොස්තර කෝකිලා වෛද්‍යරත්න සහ හේරත් යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක් උත්සවට පැමිණ සිටියහ.

දහම්පාසලේවැඩකටයුතු සහ ත්‍යාග ප්‍රදානොත්සවයේත් විවිධ ප්‍රසංගයේත් වැඩසාර්ථක කර ගැනීමට මහත් වෙහෙසක් දැරු ගුරුමණ්ඩලයටත් දෙමාපියන්ටත් අනෙකුත් සියලුම දෙනාටත් ස්තුතිකල  බෝගොඩ සීලවිමලනාහිමියෝ මෙවර දහම් පාසලේ දරුදැරියන් ලබාගත් සියලුම ජයග්‍රහණයන් පිළිබඳවසතුටුවන බවද පැවැසුහ.