ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් මහා බ්‍රිතාන්‍යයට හොරෙන් ඇතුළු කිරීමට උදව් කළැයි කියන 18 දෙනෙක් ප්‍රංශයේදී හා මහා බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍ය ස්වේදේශ අමාත්‍යංශය කියයි.
මෙයින් 17 දෙනෙක් ශ්‍රී ලාංකිකයෝය. එක් අයෙක් ඕලන්ද ජාතිකයෙකි. පරිගණක, ලියැවිලි, මුදල්, ජංගම දුරකතන ද අත්අංගුවට ගෙන ඇත.
ලංඩන්, ලූටන් හා එසෙක්ස්හි ද ප්‍රංශයේ හා ජර්මනියේ ද වැටලීම් සිදුවිය.
සොයා ගත් සාක්කි අනුව පරීක්ෂණ දිගටම පැවැත්වෙන බව පරීක්ෂණ භාරව සිටික රොක් ඇලන් කියයි.
සංක්‍රමණිකයන් බ්‍රිතාන්‍යයට වාහනවලින් හොරෙන් ඇතුළු කිරීම සඳහා එක් අයකුගෙන් පවුම් 4500ක් (රුපියල් අටලක්ෂ ඇත්තෑ තුන්දහසක්) අය කර ඇතැයි ද ඔහු කියයි.