පසුගියදා ඉතාලියේ දී පැවැති METRICAMENTE CORTO ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ ශ්‍රී ලංකාවේ තරැණ සිනමාවේදියෙකු වන නුවන් ජයතිලකගේ “සුළඟ අප රුගෙන යාවි” සිනමා නිර්මාණයයි.
රටවල් 41ක් නියෝජනය කරමින් මෙම උළෙල සඳහා තරග වැදුණු චිත්‍රපට අතුරින් “සුළඟ අප රුගෙන යාවි” හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවීම සුවිශේෂී කාරණයක්. දැනට ලන්ඩනයේ වෙසෙන නුවන්ගේ කුළුඳුල් සිනමා නිර්මාණය සඳහා රංගනයෙන් දායක වූෙය් අයිරාංගනී සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සුරංගා රණවක, සුජීව ප්‍රියාල්, සම්පත් ජයවීර, අන්ජනා ප්‍රේමරත්න, සුදම් කටුකිතුලෙ, ප්‍රවීන් කටුකිතුලෙ හා සේමිණී හෙන්නායක ඇතුළු පිරිසයි.
මෙහි අනෙක් විශේෂත්වය වන්නේ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂක නුවන්ගේ, සංගීත අධ්‍යක්ෂක චිත්‍රාල් චිටි සෝමපාලගේ හා කැමරා අධ්‍යක්ෂකවරයාගේ කුළුඳුල් නිර්මාණය වීමය. මායා නවගත්තේගම හා නුවන් ජයතිලක නිෂ්පාදනය කළ ‘සුළඟ අප රුගෙන යාවි’ චිත්‍රපටය දින 16ක් වැනි කෙටි කාලයක් තුළදී අවසන් කර තිබෙන අතර සියලුම ශබ්ද දර්ශන තලයේදීම පටිගත කර තිබීම විශේෂ්ත්වයකි.
මෙම චිත්‍රපටය මේ වනවිට ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සම්මාන උළෙලවල් 8ක් නියෝජනය කර තිබෙන අතර මීට පෙර අමෙරිකාවේ පැවැති හූස්ටන් ජාත්‍යන්තර සිනමා උළේලේදී රෙමී සම්මානයද දිනාගත්තේය.
ලන්ඩනයේ සිට හදසර හා කතාබහකට සම්බන්ධ වුණු නුවන් ජයතිලක කියා සිටියේ තරැණ සිනමාවේදියෙකු හෝ සිනමා නිර්මාණ සඳහා ලෝකය තුළ හොඳ ඉල්ලුමක් තිබෙන අතර ස්වාධීන තරැණ සිනමාවේදින් එකමුතුව හා සාමූහික ක්‍රියාදාමයන් තුළින් අපට ලෝකය ජය ගත හැකි බවය. “ජාත්‍යන්තර සිනමා උළෙලවල් හැරෙන්නට මගේ චිත්‍රපටය විවිධ රටවල්වල විශේෂ දර්ශන වාර පැවැත්වූවා. ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලාංකිකයින් වාගේම විදෙස් සිනමා රසිකයින්ද විශාල වශයෙන් හිටියා. මා එය දකින්නේ ඉතාම හොඳ සුභවාදී ප්‍රවණතාවයක් හැටියටයි.”
“බොහෝ තරැණ සිනමාවේදීන්ගේ එකම ඉලක්කය වී තිබෙන්නේ තම චිත්‍රපටය ලංකාවේ සිනමා ශාලාවල මුදා හැරීමය. මගේ ප්‍රමුඛතා ලැයිස්තුවේ මේ චිත්‍රපටය ශාලාවල මුදාහැරීම තිබෙන්නෙ හතරවෙනි ස්ථානයේ. ලෝකය පුරා විකල්ප අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් අපේ චිත්‍රපට ජගත් තලයට ගෙනයන්න පුළුවන්. ලංකාවෙ දුවනකම් ඉන්න ඕන නැහැ.” ඔහු කීය.
“අපේ චිත්‍රපට කර්මාන්තය නඟා සිටුවන්න ඇතැම් පිරිස් රජයට බල කරනවා. ලෝකෙ බොහෝ රටවල්වල සිනමා කර්මාන්තය දියුණු කරන්න උත්සුක වෙන්නේ, ඒ සඳහා කැපවෙන්නෙ සිනමාකරණයේ නියුතු අයයි. රජයෙන් පිළිසරණක් පතන්න අවශ්‍ය නැහැ. රජයට කළ හැක්කෙ සිනමා කර්මාන්තයේ දියුණුව උදෙසා ඉදිරිපත් කරන ව්‍යාපෘති සඳහා අවශ්‍ය සහාය දෙන එකයි. සිනමා කර්මාන්තයේ නියැලි අය වගේම පොත් ලියන අයත් කවි ලියන අයත් තම තමන්ගේ ක්ෂේත්‍ර බේරාගන්න කියල රජයට බල කර හිටියොත් ආණ්ඩුවලට වෙන කරන්න දේවල් නැති වෙයි. අපේ සිනමා කර්මාන්තය බේරා ගැනීම හා රුකගැනීමේ වගකීම පැටවෙන්නෙ අප මතයි. අප අවට තියෙන අවස්ථාවල් ගැන අපි විමසිල්ලෙන් බලන්න ඕනෙ. අපේ චිත්‍රපට සඳහා ඩීවීඩී වෙළෙඳපොළ ගැනත් මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබෙනවා. මේ තිබෙන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබාගන්නට තරැණ සිනමාවේදින් එකට අත්වැල් බැඳගන්න ඕනේ. ඔහු අවධාරණය කළේය.”
රාමේෂ් උවයිස්