ලන්කන් ලයන්ස් සෞදියේ ක්‍රිකට් පතුරයි


සෞදියේ නැගෙනහිර කලාපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ‘ශ්‍රී ලංකන් ලයන්ස්‘ ක්‍රීඩා සමාජය සංවිධානය කළ සය සාමාජික ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව සීඩී ජුබෙල් කණ්ඩායම හිමිකරගත්තේය.

සෞදියේ දමාම් රාකා සාබ් ක්‍රීඩාංගනයේදී පැවැති තරඟාවලියේ අවසන් තරඟයට සීඩී ජුබෙල් හා ෆයිටස් කණ්ඩායම් සුදුසුකම් ලබාගත් අතර එම තරඟයේදී සීඩී ජුබෙල් කණ්ඩායම පළමුව පන්දුවට පහරදී සියලු දෙනා දැවී ලබාගත් ලකුණු 52 ට පිළිතුරු ලෙස ෆයිටස් කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 25 ක් පමණි.

තරඟාවලියේ වීරයා ලෙස සීඩී ජුබෙල් කණ්ඩායමේ බාඩර් (බඩී) නම් කෙරුණු අතර අවසන් තරඟයේ වීරයා වූයේ ඒ සිපාන් ය. හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන හිමි කරගත්තේ ෆයිටස් කණ්ඩායමේ අසාර්ය. ශුරතාවය දිනූ සීඩී ජුබෙල් කණ්ඩාමට ශ්‍රී ලන්කන් ලයන්ස් කුසලානය විධායක නිලධාරී සුනිල් පල්ලියගුරු මහතා අතින් හිමිවූ අතර පීසී කාර්ගෝ අධිපති චාලි තලයරත්න මහතා අතින් අනු ශූරතා කුසලානය ෆයිටස් කණ්ඩායමට හිමිවිය.

තරඟාවලිය සඳහා හැටන් නැෂනල් බැංකුව, පීසී කාගෝ, එක්ස්ප්‍රස් මනි, ගෝල්ඩන් ඩිසයින්  යන ආයතන අනුග්‍රහය දැක්වූ අතර අල් රාජී බැංකුවේ නවරත්නම් නවා, අරුන් පිලිප්, මොහොමඩ් ඉර්ශාඩ්, කිංස්ලි ප්‍රනාන්දු යන ශ්‍රී ලාංකිකයෝ සංවිධාන කටයුතු සිදු කළහ.

DSC03884 DSC03886 DSC03889 DSC03891 DSC03892 DSC03893 DSC03894 DSC03901 DSC03924 DSC03948 DSC03967(2) DSC03969 DSC03976