ඉන්දියාවේ ජම්බු කාශ්මීරයෙන් ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රදේශයේ සීගිරියට ආ ලඩක් බෞද්ධ හිමිවරු කිහිපනමක් ගසක වේදනාවෙන් පෙළෙමින් සිටි රිලවකු සිටිනු දුටහ.
එම සතා මන්දකට අසුවී සිටි බව දුටු ඔවුහු එවේලේම ඒ බව ජනපතිට, වනජීවී නිලධරයනට හා වෙනත් අයට දැන්වූහ. රිලවා අල්ලා මන්ද කපන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. රිලවා එම මන්දෙන් මුදා හරිනතුරු උපවාසයක් කිරීමට ද එයින් කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ.
රිලවා අල්ලා දෙන කෙනෙකුට රුපියල් ලක්ෂයක තෑග්ගක් දෙන බව ද ඔවුහු කීහ. ගමේ සෑහෙන පිරිසක් මේ සතා අල්ලා ගැනීමට ඉදිරිපත් වූහ.
ගැමියෙක් අද පස්වරුවේ රිලවා අල්ලා ගත්තේය.
ලඩක් හිමිවරු පිරිස රුපියල් ලක්ෂය ඔහුට දුන්හ. ඔහු එය පුන පුනා ප්‍රතික්ෂේප කළේය.
රිලවාගේ මන්ද කපා මුදා හරිද්දී විදේශිකයෝ අපමණ සතුටට පත්ව සිටියහ.