මොරගහකන්ද කළු ගඟ ජලාශ යෝජනා ක්‍රමයට ඉඩම් පවරාගැනීම හේතුවෙන් තමනට ප්‍රමාණවත් වන්දි මුදල් නැතිවූ බවත් ගොඩනැගිලි සඳහා වත්මන් ඉදිකිරීම් පදනම්වූ වන්දි මුදලක් නොලැබුණු බවත් ආදී කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් ලග්ගල වැසියෝ අද දඹුල්ල - මහියංගණ පාර හරස් කරමින් විරෝධයක නිරත වූහ.
ලග්ගල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කරමින් බ්‍රහස්පතින්දා (22) විරෝධයේ යෙදුණු පිරිසේ සහායට අද තවත් පිරිසක් එකතු වී පාරේ වාඩිවී මග හරස් කරමින් විරෝධය දක්වති.