ලග්ගල රෝහල වහලා - බල්ලෝ වාට්ටු මුරකරති


මාතලේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය රොහලේ දොස්තරවරු දෙදෙනා ම බ්‍ර‍හස්පතින්දා පෝය දිනයේ සිට අද (26) දක්වා  නිවාඩු ලබා ගැනීම හේතුවෙන් රෝහලේ කිසිදු ප්‍ර‍තිකාරයක් සිදුවන්නේ නැත. රෝහලේ නේවාසිකව සිටි රෝගීන් 30 දෙනකු පමණ වෛද්‍යවරු විසින් නිවෙස්වලට යවා ඇති බව ද දැනගන්නට ඇත.

ආදේශක වෛද්‍යවරයකු ලබා නොදීම හේතුවෙන් රෝහල වසා තබන්නේ යැයි ස්ථාන භාර නිලධාරීවරයා විසින් ලියූ පුවරුවක් ද එහි ප්‍ර‍දර්ශනය වෙයි. බාහිර හා හදිසි ප්‍ර‍තිකාර අංශ වැසී ගොසිනි.

මේ පිළිබඳ වාර්තා කිරීමට ගිය විට එහි සිටි රෝහල් සේවකයකු කිවේ අවසර නැතිව ඇතුළුවීමට ඉඩ දිය නොහැකි බවයි. අවසර ගැනීමට කිසිවෙකුත් නැත. බාහිර රෝගී අංශයේ සිටියේ බල්ලන් පමණි. රෝහලේ සේවක සේවිකාවන් 35 දෙනකු සිටිය ද අද එහි පැමිණ සිටියේ පස් දෙනකු පමණි.

අප එහි සිටිය දී හිස බිම වැදුණු කුඩා දරුවකු මවක විසින් රෝහලට ගෙන ආව ද ප්‍ර‍තිකාර නැතිව හැරී යාමට සිදුවිය.

මධ්‍යම පළාත් සෞඛ්‍ය ඇමති බන්දුල යාලේගම මහතාගෙන් විමසීමේ දී ඔහු කියා සිටියේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවයි. ඇමතිවරයා පසුව කතා කොට වෙනත් දුරකථන අංකයක් දී කියා සිටියේ එම අංකයට මේ ගැන දැනුම් දෙන ලෙසයි. ඇමතිවරයා දුන් අංකයට අමතා සිද්ධිය කීව ද ඇමතුම ගත් තැනැත්තා හෝ සෞඛ්‍ය ඇමතිවරයා එම තැනැත්තාගේ අනන්‍යතාව හෙළි කළේ නැත.

??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? ??????????????????????????????? DSC04971